කසළ නිසා නැසෙමින් ඇති තවත් දළ ඇතෙකුගේ කතාව

කැකිරාව ප්‍රාදේශීය සභාව මගින් ගනේවල්පොළ – අඹුල්ගස්වැව ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළාංගණයට බැහැර කෙරෙන කුණු අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පුරුදු ව සිටින දළ ඇතෙකු ඇතුළු වන අලීන් කිහිපදෙනෙකු පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දිනපතා මෙම දළ ඇතා තවත් වනඅලි කිහිපදෙනෙකු සමග ආහාර ගැනීමට කසළාංගණය වෙත පැමිණෙන බවයි.

එම කසළාංගණයේ ඇති පොලිතීන් ඇතුළු දිරාපත් නොවන දෑ ද මෙම සත්ත්වයින් ආහාරයට ගැනීමට පුරුදු ව සිටින බවට වාර්තා වනවා.

මෙම කසළාංගණය වටා කැකිරාව ප්‍රාදේශීය සභාව මගින් විදුලි වැටක් ද ඉදිකර තිබුණ ද, එය නිසි ප්‍රමිතියකින් තොරව සවිකර නැති බැවින් විදුලි වැට බිඳ දමා දළ ඇතා ඇතුළු වන අලීන් කසළ අංගණයට ඇතුල් වන බවයි පෙනී යන්නේ.

එමෙන්ම තවත් ගැටලුවක් වී ඇත්තේ මෙම කසළාංගණය ඉදිකර ඇත්තේ අලිමංකඩක වීමයි.

එබැවින් අදාළ ප්‍රදේශය හරහා වැඩිවශයෙන් අලීන් ගමන් ගන්නා බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් ජෛව පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට සත්ත්වයින්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් ස්වාභාවික පරිසරයට දායාදයක් වූ දළ ඇතුන් නිරපරාදේ මියැදෙන්නට ඉඩ හැරීම වගකිව යුතු බලධාරීන්ගේ සහ වනජීවී නිලධාරින්ගේ වගකීමක් නොවන බැවින් මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දසත අපි විමසිල්ලෙන්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58