කසළ නිසා නැසෙමින් ඇති තවත් දළ ඇතෙකුගේ කතාව

කැකිරාව ප්‍රාදේශීය සභාව මගින් ගනේවල්පොළ – අඹුල්ගස්වැව ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළාංගණයට බැහැර කෙරෙන කුණු අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පුරුදු ව සිටින දළ ඇතෙකු ඇතුළු වන අලීන් කිහිපදෙනෙකු පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දිනපතා මෙම දළ ඇතා තවත් වනඅලි කිහිපදෙනෙකු සමග ආහාර ගැනීමට කසළාංගණය වෙත පැමිණෙන බවයි.

එම කසළාංගණයේ ඇති පොලිතීන් ඇතුළු දිරාපත් නොවන දෑ ද මෙම සත්ත්වයින් ආහාරයට ගැනීමට පුරුදු ව සිටින බවට වාර්තා වනවා.

මෙම කසළාංගණය වටා කැකිරාව ප්‍රාදේශීය සභාව මගින් විදුලි වැටක් ද ඉදිකර තිබුණ ද, එය නිසි ප්‍රමිතියකින් තොරව සවිකර නැති බැවින් විදුලි වැට බිඳ දමා දළ ඇතා ඇතුළු වන අලීන් කසළ අංගණයට ඇතුල් වන බවයි පෙනී යන්නේ.

එමෙන්ම තවත් ගැටලුවක් වී ඇත්තේ මෙම කසළාංගණය ඉදිකර ඇත්තේ අලිමංකඩක වීමයි.

එබැවින් අදාළ ප්‍රදේශය හරහා වැඩිවශයෙන් අලීන් ගමන් ගන්නා බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් ජෛව පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට සත්ත්වයින්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය කරුණක් වන බැවින් ස්වාභාවික පරිසරයට දායාදයක් වූ දළ ඇතුන් නිරපරාදේ මියැදෙන්නට ඉඩ හැරීම වගකිව යුතු බලධාරීන්ගේ සහ වනජීවී නිලධාරින්ගේ වගකීමක් නොවන බැවින් මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දසත අපි විමසිල්ලෙන්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?