Empty Ad
AFC Banner
Empty Ad

කවාජා ශ්‍රී ලංකාවට එරෙහිව මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබයි

2023 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් සිය වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන ලකුණු 195 පසුකර යන්නට අද (30) ඔස්ට්‍රෙලියාවේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා සමත් වුණා.

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ගාල්ලේ දී ක්‍රියාත්මක අද දිනයේ දී කවාජා සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ද හිමිකම් කීමට සමත් වුණා.

කවාජා මීට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි හි දී පළමු ඉනිමේ දී සිය වැඩිම ටෙස්ට් ලකුණ ලබාගෙන සිටියා.

එම වාර්තාව අලුත් කරගැනීමටත්, ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තම මංගල ද්විත්ව ශතකය ලැබීමටත් සමත් වීමට කවාජා එල්ල කළ හතරේ පහර ගණන 16ක්.

ඊට හයේ පහරක් ද එක් වුණා.

ඔහු සිය ආරම්භය ට්‍රවිස් හෙඩ් සමග ලබාගත් අතර එම සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව එතෙක් ඔස්ට්‍රෙලියාව ශ්‍රී ලංකාවට එරෙහිව තුන්වැනි කඩුල්ලට තබා තිබූ ඉහළතම තෙවැනි ටෙස්ට් ලකුණු සබඳතාව ද ස්මිත් සමග අලුත් කරගනිමින් එය ලකුණු 266ක් දක්වා ඔසවා තැබීමට සමත් වුණා.

එය බිඳ වැටුණේ සිය සගයා වූ නායක ස්මිත් ලකුණු 141කට දැවී යාමත් සමගයි.

කවාජාගේ මෙම අනර්ඝ ද්විත්ව ශතකයට පන්දු 290ක් ඇතුළත් වුණා.

එමෙන්ම ලොව ටෙස්ට් තරග ආකෘතියේ දී ද්විත්ව ශතක ලබාගත් 41 වැනි ක්‍රීඩකයා බවටත් අද දවසේ දී කවාජා පත් වූ අතර ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් ලැබූ 08 වැනි ක්‍රීඩකයා ලෙසටත් ඔහු ඉතිහාසගත වුණා.

මේ වනවිට ඔස්ට්‍රෙලියාවේ පළමු ඉනිම කඩුලු 03ක් බිඳ වැටී ලකුණු 462ක් ලෙස ලියැවී තිබෙනවා.

සිව්වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටින ජොෂ් ඉන්ග්ලිෂ් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 35ක්.

අද දිනයේ බිඳ වැටුණු ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ලේ අයිතිකාරයා වූයේ ජෙෆ්‍රි වැන්ඩර්සේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:00:46
Video thumbnail
ඉදිරියේදී තෙල් නැතිවෙයිද - මෙන්න ඇත්ත නැත්ත
22:19
Video thumbnail
හිරුණිකා ෆයර් වෙයි - අහලම බලන්නකෝ
04:18
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් මේ අවුරුදු 5ම ආණ්ඩුවට අමාරුයි
00:07
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ සජබ පා.ම නීතිඥ චිත්‍රලාල් ප්‍රනාන්දු සහභාගිවන කස්තිරම සජීවීව
01:21:15
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් - ආණ්ඩුවට මේ අවුරුදු පහ යන්න හරි අමාරුයි
01:39
Video thumbnail
ලංකාවේ මිනිස්සු කනාමැදිරි එළියටත් බය වෙන එකත් සාදාරනයි
09:53
Video thumbnail
තෙල් පෝලිම්වල මිනිස්සු හොඳටම ඇවිස්සෙයි
12:04
Video thumbnail
තෙල් පෝලිම් ගැන අනියත බියක් තියෙන්නේ - ජනාධිපතිට පුළුවන් මිනිස්සු හැමදාම සනසන්න කතා කියන්න
05:58
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නේ මෙන්න මෙහෙමයි
00:58

?