මේ වන විට බලපා ඇති වැසි තත්ත්වය හේතුවෙන් ජලාශවල ජලය වැඩි වශයෙන් ලැබීමත් සමඟ අනුරාධපුර කලා වැවේ හි වාන් දොරටු දෙකක් අද (16) සවස 06.00 සිට අඩි හය බැගින් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසනවා.
මේ පිළිබද කලා ඔය දෙපස සිටින ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ද ඔහු වැඩිදුරටත් දැනුම්දෙනු ලබනවා.
කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළදී වර්ෂාපතනය වර්ධනය වුවහොත් මධ්‍යම රාත්‍රිය වන විට මෙම තත්ත්වයේ වෙනස්වීමක් අපේක්ෂා කරන බැවින් බැවින් තවදුරටත් විමසිලිමත් වන ලෙස ද බෝව තැන්න කාර්යභාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේස් නවරත්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















