කලාවැවේ සවිකර තිබූ ලක්ෂ ගණනක් වටිනා තඹ පටියත් හොරු ගෙනිහිං

කලාවැව ජලාශයේ සොරොව්වක සවිකර තිබූ අකුණු සන්නායකයකට සවිකර භූගත කර තිබූ තඹ පටියක් කපා සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කලාවැව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) ඉපලෝගම පොලිස් ස්ථානය වෙත කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

කලාවැව ජය ගඟ ඇළට ජලය මුදා හැරෙන සොරොව්වේ ආරක්ෂාව සඳහා සවිකර තිබූ අකුණු සන්නායකයකයේ සවි කර තිබූ මීටර් 25ක් පමණ වන රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ පටියක් මෙලෙස කපා සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ මෙම සොරකම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?