කලාවැවේ සවිකර තිබූ ලක්ෂ ගණනක් වටිනා තඹ පටියත් හොරු ගෙනිහිං

කලාවැව ජලාශයේ සොරොව්වක සවිකර තිබූ අකුණු සන්නායකයකට සවිකර භූගත කර තිබූ තඹ පටියක් කපා සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කලාවැව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) ඉපලෝගම පොලිස් ස්ථානය වෙත කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

කලාවැව ජය ගඟ ඇළට ජලය මුදා හැරෙන සොරොව්වේ ආරක්ෂාව සඳහා සවිකර තිබූ අකුණු සන්නායකයකයේ සවි කර තිබූ මීටර් 25ක් පමණ වන රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ පටියක් මෙලෙස කපා සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේ මෙම සොරකම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19