දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු සිදු කරන වේලාවන් සංශෝධිත කාලසටහන තුළ ද නොවෙනස්ව පවතින බව අධ්‍යාපන අමත්‍යාංශයේ නිවේදනයේ සඳහන්.
ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි සිසුන් සඳහා විදුහල්පතිතුමාගේ ද පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්තුමාගේ ද සහතිකයෙන් යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටීමේ හැකියාවද පවතිනවා.
තවද 12 වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි 11 වැනිදා පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 ක් ද, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක් ද, ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32 ක් ද පිහිටුවා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.




