කල් තැබීමේ විවාදයට නොපැමිණි හේතුව ගැන මන්ත්‍රී අජිත්ගෙන් හේතු (වීඩියෝ)

තමන් හට පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට පැමිණීමට ප්‍රමාද වූයේ එන අතරමග දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසනවා.

තමන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට පස්වරුවේ පැමිණෙමින් සිටියදී රිය අනතුරකට මුහුණ දුන් බවත්, එබැවින් මිනිත්තු 04ක් පමණ ප්‍රමාද වූ බවත්, ඒ එන විට පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරුව දක්වා කල් තබා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇති ව තිබෙන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදයයි අද පස්වරු 03.30ට පැවැත්වීමට නියමිත ව තිබුණේ.

එහෙත් කල් තැබීමේ විවාදය යෝජනා කළ විපක්ෂයේ මන්ත්‍රී වූ අජිත් පී පෙරේරා සභා ගැබෙහි නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි විසින් හෙට දින තෙක් පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

මේ අතර හදිසි අනතුරකට මුහුණ පෑ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පවසන්නේ තම රථයට හානි වුව ද, තමන්ට කිසිදු තුවාලයක් සිදු නොවූ බවත් සමාජ මාධ්‍යයේ තමන්ට තුවාල සිදු වී ඇති බවට පැතිරෙන පුවත් අසත්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58