කල් තැබීමේ විවාදයට නොපැමිණි හේතුව ගැන මන්ත්‍රී අජිත්ගෙන් හේතු (වීඩියෝ)

තමන් හට පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට පැමිණීමට ප්‍රමාද වූයේ එන අතරමග දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසනවා.

තමන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට පස්වරුවේ පැමිණෙමින් සිටියදී රිය අනතුරකට මුහුණ දුන් බවත්, එබැවින් මිනිත්තු 04ක් පමණ ප්‍රමාද වූ බවත්, ඒ එන විට පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරුව දක්වා කල් තබා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇති ව තිබෙන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදයයි අද පස්වරු 03.30ට පැවැත්වීමට නියමිත ව තිබුණේ.

එහෙත් කල් තැබීමේ විවාදය යෝජනා කළ විපක්ෂයේ මන්ත්‍රී වූ අජිත් පී පෙරේරා සභා ගැබෙහි නොමැති වීම හේතුවෙන් නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි විසින් හෙට දින තෙක් පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

මේ අතර හදිසි අනතුරකට මුහුණ පෑ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පවසන්නේ තම රථයට හානි වුව ද, තමන්ට කිසිදු තුවාලයක් සිදු නොවූ බවත් සමාජ මාධ්‍යයේ තමන්ට තුවාල සිදු වී ඇති බවට පැතිරෙන පුවත් අසත්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?