කල් ඉකුත් වූ එන්නත් විද සරසවි සිසුන් 07ක් රෝහලට – සිසුන් පන්දම් දල්වමින් මහමගට

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට ලබා දුන් එන්නතක් විෂ වී ඉන් 07 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසකට එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නතක් මෙලෙස විෂ වී ඇති බවයි.

මෙම සිසුන් හට පිටගැස්මට ලබාදෙන එන්නත් වර්ගය ලබා දී ඇති බවත්; එම එන්නත් වර්ගය මාස දෙකක් පමණ කල් ඉකුත් වී ඇති බවත් හෙළි ව තිබෙනවා.

එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව එක් ශිෂ්‍යයෙකු හා තවත් ශිෂ්‍යාවන් සයදෙනෙකු අසාත්මිකතා හටගෙන බෙලිහුල් ඔය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශ්වවිද්‍යාලයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ දී මීට පෙර ද ලබා දුන් ඖෂධ විෂ වීමක් හේතුවන් සිසුන් දෙදෙනකු සහ ආචාර්‍යවරයෙකු ද ජීවිතක්ෂයට පත් වූ බවයි ශිෂ්‍ය සංගමය චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවා.

මේ අතර මෙම සිදුවීමට එරෙහිව අද (17) රාත්‍රියේ දී සරසවි සිසුන් වීදි බැස තිබෙනවා.

ඒ කෙතරම් පාලනාධිකාරිය දැනුම්වත් කළ ද, වෛද්‍ය මධ්‍යස්ථානයේ අර්බුද මෙතෙක් විසඳීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට චෝදනා කරමින්.

ඔවුන් පන්දම් දල්වා ගනිමින් සිය විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46