කලපුවට බැස්ස පුද්ගලයාව කිඹුලෙක් ඩැහැගෙන ගිහින්

චවලකඩේ පොලිස් වසමේ කල්මුණේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි කලපුවට බසින ලද පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පුද්ගලයා ගව පට්ටියක් රැගෙන කල්මුණේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටිය දී කලපුවට ගවයින් කිහිප දෙනෙකු පැන තිබෙනවා.

එහිදී එම ගවයින් ගොඩට ගැනීම සඳහා අදාළ පුද්ගලයා කලපුවට බැස ඇති අවස්ථාවේ මෙලෙස කිඹුලාට ගොඳුරු වී ඇති බවටයි දැනගන්නට ලැබුණේ.

කිඹුලා ඩැහැගෙන යාමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර තවමත් හමුව නොමැති අතර, නාවික හමුදා කිමිඳුම් අංශය, අම්පාර ජීවිතාරක්ෂක ඒකකය සහ පොලිසිය එක්ව එය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?