කලක සිට නිවෙස්වලට පැන වටිනා භාණ්ඩ ඉස්සූ හොරා අල්ලයි

නිවාසවලට පැන මුදල් හා රන් භාණ්ඩ මෙන් ම ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරාගත් පුද්ගලයකු එගොඩඋයන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක් ද සොයා ගැනුණා.

සැකකරු සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 14ක් පමණ බවත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරු 28 හැවිරිදි අයෙක් වන අතර, ඔහු එගොඩඋයන, මෝදර – ජයගත්පුර ප්‍රදේශයේ පදිංචි ‘එගොඩඋයන ලාරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

ගෙවල් බිඳුම් රැසක් පිළිබඳ ව එගොඩඋයන පොලීසිය වෙත පැමිණිලි ලැබි ඇති අතර ඒ අනුව‍යි මෙම විමර්ශන සිදු කෙරුණේ.

මෙම සැකකාර තැනැත්තා 2023 වර්ෂයේ ද විවිධ අපරාධ සිදුකර රක්ෂිත බන්ධනාගාරගත කර ඉන් ඇප මත නිදහස් ව පැමිණි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?