කලක සිට නිවෙස්වලට පැන වටිනා භාණ්ඩ ඉස්සූ හොරා අල්ලයි

නිවාසවලට පැන මුදල් හා රන් භාණ්ඩ මෙන් ම ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරාගත් පුද්ගලයකු එගොඩඋයන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක් ද සොයා ගැනුණා.

සැකකරු සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 14ක් පමණ බවත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරු 28 හැවිරිදි අයෙක් වන අතර, ඔහු එගොඩඋයන, මෝදර – ජයගත්පුර ප්‍රදේශයේ පදිංචි ‘එගොඩඋයන ලාරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

ගෙවල් බිඳුම් රැසක් පිළිබඳ ව එගොඩඋයන පොලීසිය වෙත පැමිණිලි ලැබි ඇති අතර ඒ අනුව‍යි මෙම විමර්ශන සිදු කෙරුණේ.

මෙම සැකකාර තැනැත්තා 2023 වර්ෂයේ ද විවිධ අපරාධ සිදුකර රක්ෂිත බන්ධනාගාරගත කර ඉන් ඇප මත නිදහස් ව පැමිණි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21