AFC Banner
Empty Ad

කරවල ව්‍යාපාරිකයෙක් ඉලක්ක කර ගන්දර දී වෙඩි තැබීමක්

ගන්දර පොලිස් වසමේ කපුගම, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් ඊයේ (12) දින මෙම වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාලවීමක් සිදුව නැහැ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ ව්‍යාපාරිකයා වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ දී නිවස තුළට දිවගොස් බේරී ඇති බවයි වාර්තා වන්නේ.

කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පැවසූ පසු ව්‍යාපාරිකයා විසින් ගේට්ටුව විවෘත කළ අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩිල්ල ගේට්ටුව අසල තාප්පයට වැදී තිබෙනවා.

මේ අතර වෙඩි උණ්ඩයේ හිස් කොපුව ද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?