කරවල ව්‍යාපාරිකයෙක් ඉලක්ක කර ගන්දර දී වෙඩි තැබීමක්

ගන්දර පොලිස් වසමේ කපුගම, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් ඊයේ (12) දින මෙම වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාලවීමක් සිදුව නැහැ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ ව්‍යාපාරිකයා වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ දී නිවස තුළට දිවගොස් බේරී ඇති බවයි වාර්තා වන්නේ.

කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පැවසූ පසු ව්‍යාපාරිකයා විසින් ගේට්ටුව විවෘත කළ අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩිල්ල ගේට්ටුව අසල තාප්පයට වැදී තිබෙනවා.

මේ අතර වෙඩි උණ්ඩයේ හිස් කොපුව ද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34