AFC Banner
AFC Banner
Empty Ad

කරච්චි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දෙකක් ගැන ගත් තීරණය

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ඊයේ රාත්‍රියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුණු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී මෙවර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට එක්වන ක්වෙටා ග්ලැඩියේටර්ස් සහ ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම් කරච්චි නගරයේ බවයි වාර්තා වන්නේ.

ඔවුන් එම අවස්ථාවේ දී කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වල නිරතව සිට ඇති බවයි වාර්තා වුණේ.

එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැලවීමත් සමඟ එම කණ්ඩායම් වහාම දැඩි ආරක්ෂාව මධ්‍යයේ විකල්ප මාර්ග ඔස්සේ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

පාකිස්ථාන ආරක්ෂක අංශ කියා සිටියේ තරගාවලියට එක්ව සිටින කණ්ඩායම්වල සියලු දෙනා මේ වනවිටත් ආරක්ෂිතව සිටින බවයි.

මේ අතර මෙවර තරගාවලිය සඳහා ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වල එක්ව සිටියා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයින්ගෙන් තිදෙනෙකු පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?