කරච්චි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් දෙකක් ගැන ගත් තීරණය

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට ඊයේ රාත්‍රියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට කඩා වැදුණු ත්‍රස්ත සාමාජිකයින් හත් දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

මේ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී මෙවර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට එක්වන ක්වෙටා ග්ලැඩියේටර්ස් සහ ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම් කරච්චි නගරයේ බවයි වාර්තා වන්නේ.

ඔවුන් එම අවස්ථාවේ දී කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වල නිරතව සිට ඇති බවයි වාර්තා වුණේ.

එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැලවීමත් සමඟ එම කණ්ඩායම් වහාම දැඩි ආරක්ෂාව මධ්‍යයේ විකල්ප මාර්ග ඔස්සේ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

පාකිස්ථාන ආරක්ෂක අංශ කියා සිටියේ තරගාවලියට එක්ව සිටින කණ්ඩායම්වල සියලු දෙනා මේ වනවිටත් ආරක්ෂිතව සිටින බවයි.

මේ අතර මෙවර තරගාවලිය සඳහා ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වල එක්ව සිටියා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයින්ගෙන් තිදෙනෙකු පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25