ඉරානයේ උත්තරීතර නායකයක අලි කමේනි ඝාතනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.
යතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය හෙළා දුටු ව්ලැඩිමීර් පුටින් පවසන්නේ ක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදා විසින් මූලික මානව සදාචාරය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
එලෙස ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ඝාතනය “නරුම ඝාතනයක්” ලෙස පුටින් ජනාධිපතිවරයා හඳුන්වනවා.
එමෙන්ම මොස්කව් සහ ටෙහෙරාන් අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රුසියාව තුළ කමේනි සිහිපත් කරනු ඇතැයි පුටින් සිය පණිවිඩයේ සඳහන් කරනවා.
සෙනසුරාදා (28) සිදුකළ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ඉරාන නායකත්වය එහි උත්තරීතර නායකයා, ඔහුගේ දියණිය, බෑණා, ලේලිය සහ මුණුපුරා ඝාතනය කිරීම නිල වශයෙන් තහවුරු කිරීමෙන් පැය කිහිපයකට පසුව රුසියානු අගමැතිවරයා රුසියානු පාර්ශවයෙන් පළමුව ප්‍රතිචාර දක්වා සිටියා.













