කමාන්ඩෝ සලින්ත ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්‍රබල සංවිධානාත්මක ක්‍රියාකාරිකයෙක් බව කියන කමාන්ඩෝ සලින්ත නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අසංග .එස්. බෝදරගම මහතා අද (27) නියම කළා.

ඒ එම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළට ඉදිරිපත් කළා අවස්ස්තාවේදීයි.

එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රත්වරයා මෙම සැකකරු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !