කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වනවා.
එහි සමාරම්භක වැඩසටහන අද (22) පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දී ආරම්භ වීමට නියමිතයි.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටළු විසඳීම, නීති උපදෙස් සහ මග පෙන්වීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබාදීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් සේවාවන් මේ තුළින් ලබාගත හැකියි.
නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කම්කරු කාර්යාලයට සහ රටපුරා ඇති සෑම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයකින්ම මෙම සේවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













