AFC Banner
AFC Banner
Empty Ad

කප්පම් ගැනීමට 08 හැවිරිදි දරුවා පැහැරගත් 15 හැවිරිදි බාලවයස්කරුවෙක් අත්අඩංගුවට

කප්පම් ලබාගැනීම අරමුණින් පැහැරගත් 08 හැවිරිදි දරුවෙකු ඝාතනය කළ බාලවයස්කරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කළේ.

පසුගිය සඳුදා (15) සවස 08 හැවිරිදි දරුවා සිය නිවස පිහිටි හර්යානා ප්‍රාන්තයේ සෝනෙපාට් හි, කුමාස්පූර් ගම්මානයේ නිවාස සංකීර්ණ භූමියේ සෙල්ලම් කරමින් සිටිය දී පැහැරගැනීමට ලක්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරුව පැහැර ගැනීම සිදුකළ සැකකාර බාලවයස්කරුවා විසින් දරුවා පදිංචිව සිටි නිවසට ලිපියක් දමා පවසා ඇත්තේ, දරුවා නිදහස් කිරීම වෙනුවට රුපියල් ලක්ෂ 06ක මුදලක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඊයේ (16) දිනයේ දී අදාළ 08 හැවිරිදි දරුවාගේ මළ සිරුර, දරුවා පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ පහළ මාලයේ වතුර බැරලයක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

නිවසට ඒවා තිබූ ලිපිය පහතින්..

2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
1
+1
0
+1
34
+1
7
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?