AFC Banner
Empty Ad
Empty Ad

කඳුරුගම වැවෙන් දෙදරු පියකුගේ සිරුරක් හමුවෙලා.. යතුරුපැදියත් ඒ අසල.

රාගම, වළ කදුරුගම් වැව් ගිලී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (27) අලුයම 5.00 ට පමණ සොයාගත් බව රාගම පොලීසිය කියයි.

කදුරුගම වැව් බැම්ම මතින් ගමන් ගත් ලොරි රථයක පිරිසක් වැවට වැටී තිබූ යතුරුපැදියක් දැක ඒ පිළිබඳ විපරම් කිරීමේදී වැවේ සිටි පුද්ගලයා දැක පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇත. එම ස්ථානයට පැමිණි පොලීසිය කළ මූලික විමර්ශනයේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවත් ඔහු පැමිණියේ යැයි සැක කරන යතුරුපැදිය එම ස්ථානයේ තිබෙන බවත් තහවුරු කර ගැනීමෙන් පසු එම ස්ථානයට රාගම හදිසි මරණ පරික්ෂක ප්‍රියංකර ලාල් මහතා කැඳවා තිබේ. හදිසි මරණ පරික්ෂකවරයාගේ විමර්ශණයෙන් පසු මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්විය යුතු බවට නිගමනය කර එය වෙත යොමු කිරිමට පොලීසියට නියෝග කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව පෞද්ගලික ආයතනයක සේවය කරන අංක 347/5/1/ බී අබේස්කර මාවත, පොල්පිතිමුකලාන, කඳාන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ජී.ආර්. ලයනල් ප්‍රේල්මවංශ (47) නමැති දෙදරු පියකු බව පොලිසිය හඳුනාගෙන ඇත. පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර රාගම රෝහලේ මත ශරිරාගාරයේ තැත්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රාගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?