AFC Banner
AFC Banner
Empty Ad

කන්ටේනරය, යතුරුපැදියක ගැටී දැරියක් ජීවිතක්ෂයට

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 13ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය පැද වූ කාන්තාව සහ එහි පසුපස ගමන්ගත් දැරිය බරපතළ තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය දැරිය දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?