AFC Banner
Empty Ad
Empty Ad

කන්ජිපානිගේ කුඩු බෙදූ කතක් ඇතුළු තුනක් මාට්ටු

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ මෙරට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යෑමට සහාය වූ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඊයේ (20) රාත්‍රියේ මහබාගේ පොලිස් වසමේ සහ රාගම පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක දී මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28, 26 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් සහ වයස අවුරුදු 24ක කාන්තාවක්.

අත්අඩංගුව ගැනුණු එක් සැකකරුවෙක් මහබාගේ පොලිස් ස්ථානය වෙත සහ අනෙක් සැකකරු හා සැකකාරිය රාගම පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබෙනවා.

මෙම සැකකරුවන්ව කන්ජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන සෙල්වකුමාර් රංජිත් යන පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?