කන්ජිපානිගේ කුඩු බෙදූ කතක් ඇතුළු තුනක් මාට්ටු

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ මෙරට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යෑමට සහාය වූ තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඊයේ (20) රාත්‍රියේ මහබාගේ පොලිස් වසමේ සහ රාගම පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක දී මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28, 26 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් සහ වයස අවුරුදු 24ක කාන්තාවක්.

අත්අඩංගුව ගැනුණු එක් සැකකරුවෙක් මහබාගේ පොලිස් ස්ථානය වෙත සහ අනෙක් සැකකරු හා සැකකාරිය රාගම පොලිස් ස්ථානය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබෙනවා.

මෙම සැකකරුවන්ව කන්ජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන සෙල්වකුමාර් රංජිත් යන පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48