කැන්ගරුවෝ ICC ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කර ගනී

මේ වසරේ පැවැත්වෙන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කරගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, ඉන්දියාව සමඟ ඉන්දෝර් හිදී පැවති තුන්වන ටෙස්ට් තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට හැකිවීමත් සමඟයි.

මෙම ලෝක ටෙස්ට් ශූරතාව තුළ (2021-2023) ඕස්ට්‍රේලියාව සහභාගී වූ ටෙස්ට් තරඟ 18න් තරග 11ක් ජයගෙන තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව තවමත් දෙවන තැන පසුවන අතර, තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

ඒ, අනුව ඕස්ට්‍රේලියාව සමඟ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී තරග වදින අනෙක් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියුණු සටනක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග දෙකට එකක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන ඇති අතර, පළමු තරග දෙක ඉන්දියාව ජය ගත්තා.

දෙරට අතර පැවති තුන්වන තරගය ඕස්ට්‍රේලියාව අද ජය ගත්තේ තරගය අවසන්වීමට තවත් දින දෙක හමාරක පමණ කාලයක් ඉතිරිව තිබිය දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?