AFC Banner
Empty Ad
Empty Ad

කතුන් දෙදෙනෙක් දරුවෙක්ට සිදුකරන අමානුෂික පහරදීම සමාජ මාධ්‍ය කළඹයි

කුඩා පිරිමි දරුවෙක්ට කාන්තාවන් දෙදෙනෙක්ට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් අප සිදුකළ සොයා බැලීමේ දී තොරතුරු දැනගන්නට ලැබුණේ මෙම දරුවා අරණායක ප්‍රදේශයේ ජීවත්වන බවයි.

ඒ, අනුව මේ පිළිබඳව අප අරණායක පොලිස් ස්ථානයෙන් විමසීමක් සිදුකළා.

එහිදී එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අප සමඟ පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇති බවයි.

එම පැමිණිල්ල මත මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, තවමත් එම දරුවා පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙවැනි ආකාරයෙන් කුඩා දරුවන්ට අමානුෂික අයුරින් පහර දී වද හිංසාවට පත්කකරන සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල මෙරට විවිධ ස්ථානවලින් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
24
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?