කතරගම පාසලක දරුවන්ට හදි කළ අසහනකාරී විදුහල්පති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

පසුගිය 22 වැනිදා කතරගම – ගෝතමීගම කනිටු විදුහලෙ විදුහල්පතිවරයා විසින් පිරිමි ළමුන් කිහිපදෙනෙකුට සිදු කරන ලද ලිංගික අතවර චෝදනාවට එරෙහිව සැකකාර විදුහල්පතිවරයාව 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරු ව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී තවත් ළමුන් දෙදෙනකු සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු වාර්තා ගොනු කර ඇති බවටයි.

ඒ අනුව චූදිතයාට එරෙහිව නඩු 04ක් ගොනු වී තිබෙනවා.

අදාළ සිද්ධියට මුහුණ දුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මේ සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධ වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු බවට දන්වමින් ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වූ එක්සත් මානව හිමිකම් සංවිධානයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ඉල්ලීම් ගැන සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 04 වැනිදා තෙක් සැකකාර විදුහල්පතිවරයාව රක්ෂිත බන්ධනාගාරගත කර පරීක්ෂණ කඩිනම් කරන ලෙසට ද කතරගම පොලිසියට අධිකරණය දන්වා තිබෙනවා.

අද උදෑසන 9.00 සිට සවස 2.00 පමණ වනතුරු ගෝතමීගම ගම්මානයේ දෙමව්පියන් අධිකරණ පරිශ්‍රය ඉදිරියේ සාමකාමී උද්ඝෝෂණයක ද නිරත වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?