කතරගම පාසලක දරුවන්ට හදි කළ අසහනකාරී විදුහල්පති රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

පසුගිය 22 වැනිදා කතරගම – ගෝතමීගම කනිටු විදුහලෙ විදුහල්පතිවරයා විසින් පිරිමි ළමුන් කිහිපදෙනෙකුට සිදු කරන ලද ලිංගික අතවර චෝදනාවට එරෙහිව සැකකාර විදුහල්පතිවරයාව 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරු ව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී තවත් ළමුන් දෙදෙනකු සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු වාර්තා ගොනු කර ඇති බවටයි.

ඒ අනුව චූදිතයාට එරෙහිව නඩු 04ක් ගොනු වී තිබෙනවා.

අදාළ සිද්ධියට මුහුණ දුන් දරුවන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් සහ මේ සිදුවීම්වලට අනුබල දුන් පුද්ගලයින් සම්බන්ධ වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතු බවට දන්වමින් ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වූ එක්සත් මානව හිමිකම් සංවිධානයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ඉල්ලීම් ගැන සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 04 වැනිදා තෙක් සැකකාර විදුහල්පතිවරයාව රක්ෂිත බන්ධනාගාරගත කර පරීක්ෂණ කඩිනම් කරන ලෙසට ද කතරගම පොලිසියට අධිකරණය දන්වා තිබෙනවා.

අද උදෑසන 9.00 සිට සවස 2.00 පමණ වනතුරු ගෝතමීගම ගම්මානයේ දෙමව්පියන් අධිකරණ පරිශ්‍රය ඉදිරියේ සාමකාමී උද්ඝෝෂණයක ද නිරත වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20