AFC Banner
AFC Banner
Empty Ad

කඩුවකින් කොටා සැමියාව ඝාතනය කරලා – බිරිඳ අත්අඩංගුවේ

කඩුවකින් කොටා තම ස්වාමිපුරුෂයාව ඝාතනය කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පවසනවා.

ඊයේ (03) පස්වරු පහට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ පදිංචි සුරංග ප්‍රදීප් කුමාර නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා කුරුණෑගල ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙක්.

මෙම අඹුසැමි යුවළ අතර ඊයේ (03) සවස ඔවුන්ගේ නිවසේ දී ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා විසින් බිරිඳට යකඩ පොල්ලකින් සහ දම්වැලකින් පහර දී අතර, එහිදී බිරිඳ විසින් සැමියාගේ ඇස්වලට මිරිස් කුඩු ගසා කඩුවකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

බෙල්ලට සහ වම් කකුලට කඩුපහර වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි ඔහු නිවස තුළ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
5
+1
2
+1
15
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?