කඩුවකින් කොටා සැමියාව ඝාතනය කරලා – බිරිඳ අත්අඩංගුවේ

කඩුවකින් කොටා තම ස්වාමිපුරුෂයාව ඝාතනය කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පවසනවා.

ඊයේ (03) පස්වරු පහට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ පදිංචි සුරංග ප්‍රදීප් කුමාර නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා කුරුණෑගල ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙක්.

මෙම අඹුසැමි යුවළ අතර ඊයේ (03) සවස ඔවුන්ගේ නිවසේ දී ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා විසින් බිරිඳට යකඩ පොල්ලකින් සහ දම්වැලකින් පහර දී අතර, එහිදී බිරිඳ විසින් සැමියාගේ ඇස්වලට මිරිස් කුඩු ගසා කඩුවකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

බෙල්ලට සහ වම් කකුලට කඩුපහර වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි ඔහු නිවස තුළ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26