එක්දින තරග 03කින් සමන්විත පාකිස්තාන – සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගන්නට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
දෙරට අතර අද (26) තරගය ආරම්භ වූයේ සිම්බාබ්වේ බුලවායෝ ක්‍රීඩාංගණයේ දියි.
තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක Craig Ervine පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඔවුන් සියල්ලන් ම දැවී ලබා ගත්තේ ලකුණු 145ක් පමණයි.
එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Dion Myers ලකුණු 33ක් සහ Sean Williams ලකුණු 31ක් ලබා ගත්තා.
කඩුලු දඩයමේ දී පාකිස්තානයේ අබ්‍රාර් අහමඩ් කඩුලු 04ක් සහ සල්මන් අගා කඩුලු 03ක් මෙන් ම එක් කඩුල්ල බැගින් සයිම් අයුබ් සහ ෆක්‍රම් විසින් බිඳ හෙලනු ලැබුවා.
ජයග්‍රහණයට ලකුණු 146ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 148ක් ලබා ගනිමින් ජය තහවුරු කළා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සයිම් අයුබ් එක්දින ශතකයක් (113*) නොදැවී රැස් කළ අතර ශාෆිකී නොදැවී ලකුණු 32ක් රැස් කළා.
ඒ අනුව තරග 1-1ක් ලෙස තරගාවලියේ ජය සමකරගන්නටයි පාකිස්තානය සමත් වුයේ.
පැවති පළමු එක්දින තරගයේ ජය ඩක්වත් ලුවිස් න්‍යායය අනුව සත්කාරක සිම්බාබ්වේට හිමිවුණා.
දෙරට අතර අවසන් සහ තුන්වැනි එක්දින තරගය අනිද්දා (28) දින පැවැත්වෙනවා.