කඩුගන්නාව නාය යෑමේ නවතම තත්ත්වය (වීඩියෝ)

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කන්දක් කඩා වැටී සිදුවූ අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

අද (22) උදෑසන සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් එම සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වන අතර, ඔවුන්ව මුදාගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ග අසල තිබූ වෙළඳසැලක් සහ නිවසක් මතට මෙම පස් කන්දක් කඩා වැටී තිබුණා.

මෙම අනතුරින් රථවාහන කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

මේ අතර කොළඹ – නුවර මාර්ගයේ එක් කොටසක් එම ප්‍රදේශයෙන් රථවාහන ධාවනයට මේ වනවිට වසාදමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?