කඩුගන්නාව නාය යෑමේ නවතම තත්ත්වය (වීඩියෝ)

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කන්දක් කඩා වැටී සිදුවූ අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

අද (22) උදෑසන සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් එම සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වන අතර, ඔවුන්ව මුදාගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ග අසල තිබූ වෙළඳසැලක් සහ නිවසක් මතට මෙම පස් කන්දක් කඩා වැටී තිබුණා.

මෙම අනතුරින් රථවාහන කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

මේ අතර කොළඹ – නුවර මාර්ගයේ එක් කොටසක් එම ප්‍රදේශයෙන් රථවාහන ධාවනයට මේ වනවිට වසාදමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38