පවතින ගුරු හිඟය සඳහා කඩිනම් දීප ව්‍යාප්ත ගුරු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (15) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුදීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
දිවයිනේ සියලු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු අවම කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.










