UPDATE:කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානය තුළ සිටි මගීන් ගැන අනාවරණයක් – සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී ඉන්දීය ගුවන් සමාගමට අයත් පුළුල් බඳ සහිත බෝයි AI171 දරන ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි ඉන්දියානුවන් 169 දෙනෙකු සහ බ්‍රිතාන්‍යය ජාතිකයින් 53 දෙනෙකු ගමන් කරමින් සිටි බව ‘ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කරනවා.

මීට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයින් සත්දෙනෙකු ද ගුවන් යානයේ සිට තිබෙනවා.

එයාර් ඉන්දියන් ගුවන් සේවය විසින් මීට ටික වේලාවකට (12) පෙර ඒ බව නිල වශයෙන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපොළ බලා ගමන් කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI171 ගුවන් යානය මගීන් 242 දෙනෙකු සමඟ ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු කඩා වැටුණා.

“තුවාලකරුවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යමින් පවතී,” යනුවෙන් එයාර් ඉන්දියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම එයාර් ඉන්දියා ගුවන් සේවය විසින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදීම සඳහා විශේෂිත මගී ක්ෂණික දූරකථන අංකයක් ද 1800 5691 444 යන ලෙසින් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සහ මගීන් 230 දෙනෙකු සිට තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

එයාර් ඉන්දියා ගුවන් යානය අහමදාබාද්හි සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පස්වරු 1:38 ට පිටත් වූ බවත්, ගුවන් ගත වී මිනිත්තු 05ක් ඇතුළත එය කඩා වැටුණු බවත් වාර්තා වනවා.

ෆ්ලයිට් රේඩාර් ගුවන් ගමන් නිරීක්ෂණ වේදිකාවේ දත්තවලට අනුව එයාර් ඉන්දියා ගුවන් යානය අනතුරට පත්වීමට පෙර අඩි 625ක උසකට ළඟා වී තිබෙනවා.

ගුවන් තොටුපළෙන් පිටතට යන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මූලාශ්‍රය – hindustantimes.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
1
+1
2
+1
108
+1
13
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46