කඩා වැටුණු ඉන්දීය ගුවන් යානය ගැන මූලික වාර්තාව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට

එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ මූලික වාර්තාව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ බලධාරීන්ට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම වාර්තාවේ කරුණු ඉතා ඉක්මනින් මහජනතාවගේ දැනගැනීම පිණිස මුදා හරින බවත්, විමර්ශනයේ මුල් අවධියේ දී රැස් කරන ලද දත්ත හා තොරතුරු මත මෙකී වාර්තාව ගොඩනැගී ඇති බවයි.

ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) එයාර් ඉන්දියා 171 ගුවන් අනතුර පිළිබඳ සිය මූලික වාර්තාව මෙම සතිය අග දී මහජනතාවට නිකුත් කරන බව නිලධාරීන් පැවසුවා.

මූලික වාර්තාවේ සන්දර්භය කුමක් දැයි මෙතෙක් හෙළි ව නොමැති අතර, එම වාර්තාවෙන් අනතුරට බලපෑ ප්‍රධානතම හේතුව කුමක්දැයි කරුණු අනාවරණය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ජුනි 12 වන දින, අහමදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්පර 32 ක් ඇතුළත කඩා වැටුණු අතර, කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ඇතුළුව යානයේ සිටි 241 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත් වුණා.

හිටපු ගුජරාට් මහ ඇමති විජේ රූපානි ද මෙම බිහිසුණු අනතුරට ගොදුරු වූවන්ගෙන් කෙනෙක්.

සිද්ධියෙන් සතියකට පසු, ගුවන් සමාගමේ බෝයිං 787 ගුවන් යානා බලඇණියේ අවම වශයෙන් එයාර් ඉන්දියා පුහුණු නියමුවන් තිදෙනෙකු මුම්බායි හි අනතුරට හේතු විය හැකි අවස්ථා නැවත නිර්මාණය කිරීමට උත්සාහ කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58