කඩඉම් ලකුණු ඉහළ දැමිම දරුවන්ගේ දක්ෂතා මතයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ දැමීම හුදෙක්ම දරුවන්ගේ දක්ෂතා මත පදනම්ව සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පසුගියදා නිකුත් කෙරුණු අතර, එය මෑත කාලයේ නිකුත් වූ ඉහළම කඩඉම් ලකුණු මට්ටමද වනවා.

එමෙන්ම මෙම කඩඉම් ලකුණුවලදී ජනප්‍රිය පාසල් කිහිපයකම මෙවර කඩඉම් ලකුණු පැවතියේද 190 ට වඩා ඉහළ අගයකයි.

මෙවැනි තත්වයක් තුළයි මසක් ඇතුලත විසඳුම් ලබාදෙන බවට අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ප්‍රකාශයක් සිදුකළේ.

ලේකම්වරයා එලෙස සඳහන් කළද අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව පසුගිය වසර හතර තුළදී ප්‍රධාන පාසල්වලට ඇතුලු කරගත් ළමයින් සංඛ්‍යාවේ විශාල අඩුවැඩිවීම් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2020 වසරට සාපේක්ෂව මෙම වසරේ කඩඉම් ලකුණු ඉහළ දැමීමට අමතරව ඇතැම් පාසල්වලට ඇතුලු කරගන්නා ළමයින් සංඛ්‍යාවේද පැහැදිළි අඩුවීමක් දක්නට ලැබෙනවා. මෙලෙස අඩුවීම සිදුව ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක පමණක් වීමත් සැලකිය යුතු කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09