කටුනායක දී කලහාකාරී ලෙස හැසිරුණු අයෙක්ට පොලිසියෙන් වෙඩි (වීඩියෝ)

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙක් පාලන කිරීම සඳහා පොලිසිය අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයාගේ පාදයකට වෙඩි වැදී ඇති බාවයි තොරතුරු වාර්තා වුණේ.

කලහාකාරී ලෙස හැසිරුණු එම පුද්ගලයා අවට නිවාස කිහිපයකට අලාභ හානි සිදුකර ඇති අතර, මාර්ගයේ ගමන් ගත් රථවාහන කිහිපයක ද හානි සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම පුද්ගලයා පාලන කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති අතර, පසුව ඔහුව පාලන කිරීමට පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, තුවාල ලැබූ එම පුද්ගලයා සහ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?