කටුනායක දී කලහාකාරී ලෙස හැසිරුණු අයෙක්ට පොලිසියෙන් වෙඩි (වීඩියෝ)

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙක් පාලන කිරීම සඳහා පොලිසිය අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයාගේ පාදයකට වෙඩි වැදී ඇති බාවයි තොරතුරු වාර්තා වුණේ.

කලහාකාරී ලෙස හැසිරුණු එම පුද්ගලයා අවට නිවාස කිහිපයකට අලාභ හානි සිදුකර ඇති අතර, මාර්ගයේ ගමන් ගත් රථවාහන කිහිපයක ද හානි සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම පුද්ගලයා පාලන කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති අතර, පසුව ඔහුව පාලන කිරීමට පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, තුවාල ලැබූ එම පුද්ගලයා සහ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32