AFC Banner
AFC Banner
Empty Ad

කටුනායක ගුවන් තොටුපළෙන් රිවෝල්වරයක් සහ පිස්තෝලයක් අත් අඩංගුවට

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක් තුළ තිබී රිවෝල්වරයක් සහ පිස්තෝල අවියක් ගුවන් තොටුපළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම 65 හැවිරිදි පුද්ගලයා ඊයේ (02) සවස 06.30ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ WY- 373 යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මගියෙකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මගියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින්, ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් සොයා ගෙන අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර තිබෙනවා.

පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් (Scan Test) මගින් නිරීක්ෂණය කිරීමේදී, එය තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බවටයි හඳුනා ගෙන ඇත්තේ.

පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මගියා සහ අවි සහිත ගමන් මල්ල සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය වෙත රැගෙන ගිය මෙම අවි වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඒවා ප්ලාස්ටික්වලින් නිෂ්පාදන කර ඇති බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මගියා ඇප මත නිදහස් කර යවා ඇතැයි සඳහන්.

මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කර ඇති අතර ඒවා මත (Idial Dum) ලෙස සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
10
+1
65
+1
6
+1
6
+1
6
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?