කටුනායක ගුවන් තොටුපළෙන් රිවෝල්වරයක් සහ පිස්තෝලයක් අත් අඩංගුවට

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක් තුළ තිබී රිවෝල්වරයක් සහ පිස්තෝල අවියක් ගුවන් තොටුපළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම 65 හැවිරිදි පුද්ගලයා ඊයේ (02) සවස 06.30ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ WY- 373 යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මගියෙකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මගියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින්, ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් සොයා ගෙන අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර තිබෙනවා.

පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් (Scan Test) මගින් නිරීක්ෂණය කිරීමේදී, එය තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බවටයි හඳුනා ගෙන ඇත්තේ.

පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මගියා සහ අවි සහිත ගමන් මල්ල සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය වෙත රැගෙන ගිය මෙම අවි වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඒවා ප්ලාස්ටික්වලින් නිෂ්පාදන කර ඇති බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මගියා ඇප මත නිදහස් කර යවා ඇතැයි සඳහන්.

මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කර ඇති අතර ඒවා මත (Idial Dum) ලෙස සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30