කටුනායක ගුවන්තොටට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක් (ඡායාරූප)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

සිංගප්පූරු සමාගමක් සමග පසුගිය 08 වනදා මෙම ගිවිසුම්ගතවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන අතර, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබනවා.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මගීන් 19,000ක් පමණ සංසරණය වන අතර, එය කොරෝනා වසංගතයට පෙර 28,000ක තරම් ඉහළ අගයක පැවතුණා.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේ දී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E – Gates ) දෙකක් ස්ථාපිත කරන අතර, ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබෙනවා.

ලෝකයේ බොහෝ ‍රටවල ගුවන් තොටුපොළ තුළ මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ ‘තාලස් ඩිස් ‘සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිත කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15