spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක ගුවන්තොටට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක් (ඡායාරූප)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

සිංගප්පූරු සමාගමක් සමග පසුගිය 08 වනදා මෙම ගිවිසුම්ගතවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන අතර, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබනවා.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මගීන් 19,000ක් පමණ සංසරණය වන අතර, එය කොරෝනා වසංගතයට පෙර 28,000ක තරම් ඉහළ අගයක පැවතුණා.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේ දී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E – Gates ) දෙකක් ස්ථාපිත කරන අතර, ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබෙනවා.

ලෝකයේ බොහෝ ‍රටවල ගුවන් තොටුපොළ තුළ මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ ‘තාලස් ඩිස් ‘සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිත කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?