Empty Ad
AFC Banner
Empty Ad

කටුනායකින් යන්න බැරි වූ බැසිල්ට මත්තල දොරත් වැසේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ට සමගාමීව යමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ද සිය රාජකාරියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමඟ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේ ද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළේ අද (12) පෙරවරු 12.00 සිටයි.

මේ අතර බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපොළ හරහා අද (12) අලුයම රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී ගියා.

ඒ තොටුපොළේ දී ඔහුට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්.

ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා රටින් පිටවීමේ උතසාහ උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම තිරතුරත් සමඟයි ගුවන් තොටුපොළේ සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය රාජකාරියෙන් ඉවත් වීමේ තීරණය ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
155
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?