AFC Banner
AFC Banner
Empty Ad

කටුනායකට ආ ගුවන් යානා හතරක් හදිසියේම හරවා යවයි

කටුනායක ප්‍රදේශයේ අද (07) අලුයම් කාලයේ පැවති දැඩි මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා හතරක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අද (07) අලුයම 5.00ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 226 දරන ගුවන් යානය, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 881 දරන ගුවන් යානය සහ අලුයම 05-05ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද (07) දින අලුයම 06.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස කටුනායකින් හරවා යැවූ ගුවන් යානා පෙරවරු 09.00 පමණ වනවිට යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

උදෑසන 07.00 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම් තත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර මේ වනවිට එම ගුවන් තොටුපොළේ සාමාන්‍ය පරිදි සිදුකරගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
4
+1
3
+1
3
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?