කටුනායකටත් කොරෝනා රෝහලක්

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ, එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් අද (05) දින උදෑසන විවෘත කෙරුණා.

මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ක්‍රිස්ටල් මාටින් නැමැති කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක පිහිටුවා තිබෙනවා.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන 25ක මුදලක් ආයෝජනය කර ඇති අතර, මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ඇදන් 425ක් සූදානම් කර තිබෙන බව සංජය මොහොට්ටාල මහතා පවසනවා.

මේ සදහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපීය කර්මාන්තකරුවන්ගේ සංගමය, ගම්පහ ජාතික තරුණ සේවා සභාව ද දායකත්වය සපයා තිබෙනවා.

මෙම මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මීගමුව මහ රෝහලට අයත් ගිලන් රථයක් පැය 24 පුරා සූදානමින් තබා ඇති අතර, මෙහි සංකූලතා මතු වූ රෝගීන් මේ මගින් ක්ෂණිකව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ වැඩිපුර ගැහැණු සේවිකාවන් සදහා ඇදන් සූදානම් කර ඇති අතර, ඔවුන්ගේ රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍ර, දුරකථන පහසුකම්, රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර, වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට  නේවාසික පහසුකම් මෙන්ම, සමස්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයම වායුසමනය කිරීමට ද ලක් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන අතර, එක් අයෙකුට දිනකට වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන්  රුපියල් 1,500 ක මුදලක්, ඔවුන් සේවය කරන කර්මාන්තශාලාව මගින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙවීම සිදු කළ යුතු වෙනවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, එහි විධායක අධ්‍යක්ෂ ලෝරන්ස් මඩපාත, කටුනායක නිදහස් වෙළෙඳ කළාපීය අපනයන සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති ග්‍රිතේන්ද්‍ර බියාලා, එම සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු, ක්‍රිස්ටල් මාටින් කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මුලර්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්‍යක්ෂ රන්ජන් සිගේරා සහ මෙම මධ්‍යස්ථානය භාර මීගමුව මහ රෝහලේ වෛද්‍ය නිලධාරී නිර්මලා යෝගනාදන් යන මහත්ම මහත්මීන් ද ඇතුළු තවත් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.     

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09