කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කෙරේ

කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන තිබෙනවා.

ඒ, සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහායි.

කෙසේ නමුත් කටාර් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා පමණක් බවයි.

කටාර් රාජ්‍යයේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන හමාඩ් ගුවන්තොටුපොළ පරිපාලනය නිවේදනය කළේ, ඉදිරි දිනවලදී ගුවන්ගමන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අනෙකුත් ගුවන්ගමන් සඳහා තීරණයක් ගන්නා බවයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් පිපිරිමක් සිදුව ඇති බව වාර්තා වනවා.

පිපිරීමෙන් පසුව ඉහළ අහසේ දුමාරයක් ඇති වූ බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !