කච්චතිවු දූපතේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත්ව

ඉන්දු – ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, අති උත්කර්ෂවත් අයුරින් අද සිදු කෙරුණා.

යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ හා කොළඹ සහයක රදගුරු ගරු ඇන්ටන් රන්ජිත් පිල්ලෙනායගම් පියතුමා ගේ මෙහෙයවීමෙනුයි දේව මංගල්‍යයේ කටයුතු සිදු වූයේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සංවිධායක දායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද අති උත්කර්ෂවත් අයුරින් මෙම කටයුතු සිදු වී තිබෙනවා.

ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව මහත් ගෞර‍ව‍ බහුමානයෙන් පුද පූජා පවත්වනු ලබන කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකල දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය වෙනුවෙන් සෑම වසරකම නාවික හමුදාව සුවිශේෂි දායකත්වයක් දක්වනු ලබනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, ආහාර, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම ද නාවික හමුදාව විසින් සිදු කර තිබෙනවා.

මෙම වාර්ෂික දේව මංගල්‍යය සඳහා පැමිණි සම්භාවනීය අමුත්තන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන්, බැතිමතුන් ඇතුළු අනෙකුත් සේවාවන් සැපයීම සඳහා පැමිණි ජනතාව මෙන්ම දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ ද කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සිදු කෙරුණේ නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ යි.

මෙම දේව මෙහෙය අතරතුර, මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන නීතී විරෝධි කටයුතු මැඩ පැවත්වීම සඳහාද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා තිබුණා.

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, හිටපු නාවික හමුදාධිපති වරයෙක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වරයෙක් වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), ශ්‍රී ලංකා සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, දෙස් විදෙස් මාධ්‍යවේදින්, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ඉන්දීය හා ශ්‍රී ලංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

ඉන්දීය බැතිමතුන් 2100ක පමණ පිරිසක් අද දිනය වන විට පැමිණ ඇති අතර ඉන්දියාවෙන් දස දහසක පමණ පිරිසක් පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?