AFC Banner
AFC Banner
Empty Ad

කච්චතිව් දූපතට සිදුකළ දේ ගැන මෝදි කෝපයෙන් (වීඩියෝ)

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඉන්දිරා ගාන්ධි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

එරට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු මත ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය විසින් 1974 වර්ෂයේ දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට කටයුතු කර ඇති බව අනාවරණය කරගත් බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ඒ, සම්බන්ධයෙන් ඔහු කොංග්‍රස් පක්ෂයට දැඩිලෙස දෝෂාරෝපණ එල්ලකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බව සඳහන් කළ මෝදි කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩනැගී ඇති බවත් සඳහන් කළා.

කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ඉන්දීය පාර්ලිමේන්තු මහ මැතිවරණය ආසන්න වනවාත් සමඟ කච්චතිව් දූපත පිළිබඳ මාතෘකාව මෙලෙස කරළියට පැමිණ ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
15
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?