කච්චතිව් දූපතට සිදුකළ දේ ගැන මෝදි කෝපයෙන් (වීඩියෝ)

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඉන්දිරා ගාන්ධි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා.

එරට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබාගත් තොරතුරු මත ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය විසින් 1974 වර්ෂයේ දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට කටයුතු කර ඇති බව අනාවරණය කරගත් බවයි මෝදි අග්‍රාමාත්‍යවරයා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ඒ, සම්බන්ධයෙන් ඔහු කොංග්‍රස් පක්ෂයට දැඩිලෙස දෝෂාරෝපණ එල්ලකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බව සඳහන් කළ මෝදි කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩනැගී ඇති බවත් සඳහන් කළා.

කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ඉන්දීය පාර්ලිමේන්තු මහ මැතිවරණය ආසන්න වනවාත් සමඟ කච්චතිව් දූපත පිළිබඳ මාතෘකාව මෙලෙස කරළියට පැමිණ ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

02 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14