ඖෂධ හදිසි මිලදී ගැනීම් කඩිනමින් නතර කරන බව සෞඛ්‍ය ඇමති කියයි

හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි මාස කිහිපය තුළ අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රටේ ඖෂධ අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි මිලදී ගැනීම් ලෙස හඳුන්වන විවාදාත්මක ක්‍රියාවලිය අවශ්‍ය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

COVID-19 අර්බුදයේදී සහ පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනයට දැඩි බලපෑමක් එල්ල වුණා.

හදිසි මිලදී ගැනීම් හේතුවෙන් අක්‍රමිකතා සිදු වන බවට ද පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වනවා.

රට තුළ පවතින ඖෂධ හිඟය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින බැවින් හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය නතර කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර මේ වන විට ඖෂධ වර්ග 245ක හිඟයක් මෙරට තුළ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පැවසුවේ, ක්‍රියාමාර්ග 3ක් යටතේ එම ඖෂධ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?