ඖෂධ හදිසි මිලදී ගැනීම් කඩිනමින් නතර කරන බව සෞඛ්‍ය ඇමති කියයි

හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි මාස කිහිපය තුළ අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රටේ ඖෂධ අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි මිලදී ගැනීම් ලෙස හඳුන්වන විවාදාත්මක ක්‍රියාවලිය අවශ්‍ය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

COVID-19 අර්බුදයේදී සහ පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනයට දැඩි බලපෑමක් එල්ල වුණා.

හදිසි මිලදී ගැනීම් හේතුවෙන් අක්‍රමිකතා සිදු වන බවට ද පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වනවා.

රට තුළ පවතින ඖෂධ හිඟය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින බැවින් හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලිය නතර කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර මේ වන විට ඖෂධ වර්ග 245ක හිඟයක් මෙරට තුළ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පැවසුවේ, ක්‍රියාමාර්ග 3ක් යටතේ එම ඖෂධ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30