ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ටොන් 70ක පෝෂණීය විස්කෝතු

ආපදා තත්වයෙන් විපතට පත්ව දැනට සුරක්ෂිතතා මධ්‍යස්ථානවල සහ තවමත් හුදෙකලා වී සිටින ජනතාවගේ පෝෂණ මට්ටම ස්ථාවරව තබාගැනීම සදහා ඕස්ට්‍රේලියානු රජය විසින් සබලකරන ලද අතිරේක පෝෂණීය ආහාරයක් ලෙස සකස් කළ විස්කෝතු තොගයක් මෙරට ඒවා තිබෙනවා.

මෙට්‍රික් ටොන් 10.2ක් බරැති පළමු විස්කෝතු තොගය අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

ඕස්ට්‍රේලියානු රජය විසින් ඩුබායි හි පවත්වා ගෙන යනු ලබන ගබඩාවක සිට මෙම විස්කෝතු තෝය ඒවා තිබූ අතර, මෙම ආධාර වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියාව විසින් ඩොලර් මිලියන 3.5 ක් වටිනා විස්කෝතු මෙට්‍රික් ටොන් 70ක් මෙරටට ලබාදීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු රජය ලෝක ආහාර වැඩසටහන සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

අද දිනයේ ඒවා තිබූ විස්කෝතු තොගය මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ආපදාවට ලක්ව සිටින ජනතාව අතරේ බෙදාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?